26.8 C
Galle

ඩොලර් ලක්ෂ ගණනක් අපතේ යැවූ ගුවන් යානා

Published:

 ලංකා ගුවන් සමාගමේ භාවිතයට නොගත් ගුවන් යානා තුනක් වෙනුවෙන් මාසයකට ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 09ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද (25) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මේ බව කියා සිටියේ ය.

මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන සේවය සතු යානා සංඛ්‍යාව 22කි. ප්‍රධාන ගුවන් සේවයේ සේවක සේවිකාවන් 3,194ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවක සේවිකාවන් 2,862ක් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ශක්තිමත් කිරීම සඳහා 2025 වර්ෂයේ සිට පස් අවුරුදු සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කටයුතු සිදුවන බව ද හෙතෙම කීවේය. එම සැළැස්ම සඳහා මෙහෙයුම් ලාභදායීතාවය මෙන් ම රජයේ සහයෝගය බලාප‍ොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!