28.7 C
Galle

විය යුත්තේ අපිට ඕන දේ, අනුරට ඕන දේ නෙවෙයි (වීඩියෝ)

Published:

ලෝකයේ ඕනෑම රාජ්‍යයක බලයට පත්වන ආණ්ඩුවකට තමන්ගේම කියා දර්ශනයක්, දැක්මක්, වැඩපිළිවෙලක් තිබෙනවා. රාජාසන කතාව කරනවා  වගේම වාර්ෂිකව රටේ අයවැය වාර්තාව සකස් වෙන්නේ මේ අනුව.

පසුගිය දා ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය පාර්ලමේන්තුවට ඉදිරිපත් කළා. මෙහිදී රජය කිව්වා තමන්ට තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව යන්න සිදුවන නිසා මේ අයවැය ඒ අනුව සකස් කළේ කියලා.

ඒ මොනවා වුණත් මංගල අයවැය කියන්නේ එවැනි වැඩපිළිවෙලකට මං පෙත විවර කරන ප්‍රමුඛතම ලියවිල්ල.

නිදහසින් පසු පැවති සියලු රජයන් නිර්දය ලෙස විවේචනය කරපු මාලිමා රජය ඉදිරිපත් කළ මේ මංගල අයවැය ඔවුන්ගේ වැඩපිළිවෙල ආර්ථික දර්ශනය පෙන්නුම් කරනවා ද ?

 එන්න අපි සංවාදයේ යෙදෙමු.

Related articles

spot_img
error: Content is protected !!