29.4 C
Galle

හිරිකටු ඔයේ, හිර වූ පිරිස බේරා ගනී

Published:

නන්පෙරියල් ප්‍රදේශයේ පිහිටි හිරිකටු ඔයේ ජල පහරට හසුව ජීවිත අවදානමකට ලක්ව සිටි 35 දෙනකු බේරාගැනීමේ මෙහෙයුම ඊයේ (01) සවස සාර්ථක වූ බව යුද හමුදාව පසයි.

කොලොන්නාව ප්‍රදේශයේ සිට නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයකට ගොස් සිටි 75 දෙනෙකුගෙ‍න් යුතු දේශීය සංචාරකයන් පිරිසක් හිරිකටු ඔයේ වි‍නෝද වෙමින් සිටිය දී හදිසියේ ම එහි ජල මට්ටම ඉහළ යාමට පටන්ගෙන ඇත. එම අවස්ථාවේ දී 35 දෙනකු ගොඩට ඒමට නොහැකිව ඔයේ සිරවී ඇත.

ගැමුණු හේවා බළකායේ නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් ක්‍රියාත්මක වී ඔවුන් ආරක්ෂිතව මුදා ගැනීමට හැකි වූ බව යුද හමුදාව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!