28.9 C
Galle

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කොටසක් සංවර්ධනයට

Published:

ත්‍රිකුණාමලයේ ඉහළ තෙල් ටැංකි අගනයේ තෙල් ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

අද (04) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේය.

මෙම තෙල් ටැංකි සංවර්ධනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අරමුදල් යොදා ගන්නා බවත් ඒ අනුව වසර 03ක කාලයක දී තෙල් ටැංකි සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇතැයි ද වාර්තා වේ.

මේ සඳහා මාර්ග සංවර්ධනය අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ ආයතනවල අනුමැතිය මේ වනවිටත් හිමි වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!