28.9 C
Galle

යාල මාර්ග කිහිපයක් විවෘත කරයි

Published:

මහ වැසි හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු යාල ජාතික වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් අද (05) විවෘථ කිරීමට පියවර ගන්නා බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වන ජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මාර්ග පද්ධතියට සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා තාවකාලිකව වසා දැමුණු යාල වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් පමණක් අද (05) සවස 2.00 සිට යළි විවෘත කරන බවයි. 

පසුගිය 01 වැනි දා සිට යාල වනෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබිණි.

අද උදෑසන වර්ෂා තත්වය නිරීක්ෂණ කිරීමෙන් පසු අනෙකුත් මාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත අතර තවදුරටත් වසා තබන්නේ අබලන් තත්වයට පත්විය හැකි මාර්ග කිහිපයකි.

Related articles

spot_img
error: Content is protected !!