28.9 C
Galle

පරිභෝජනයට නුසුදුසු, තිරිඟු පිටි තොගයක් අල්ලයි

Published:

මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750කට වැඩි ප්‍රමාණයක් අද (05) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවටට ගෙන තිබේ.

පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අනාවරණය වූ තොරතුරක් අනුව මෙම පිටි තොගය සොයාගෙන ඇත්තේ උස්වැටකෙයියාව, ඇලකන්ද පාරේ ගබඩාකර තිබිය දී ය.

තිරිඟු පිටි තොගය පසුගිය වසරේ මාර්තු සහ මැයි ලෙසත් කල් ඉකුත්වීමේ දිනය 2025 මාර්තු සහ මැයි ලෙසත් සඳහන් කර තිබූ අතර එම පිටි තොගය දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබූ බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසන්නේ පසුගිය දිනවල දී පරිභෝජනයට ‍නුසුදුසු මෙවැනි තිරිඟු පිටි තොග කිහිපයක් ම අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධ නීතිමය පියවර ගනිමින් සිටිින බවයි.

මෙවැනි නුසුදුසු ආාහර නැවත පිළියෙල කර අළෙවි කිරීමට ඉඩ ඇති බැවින් එවැනි ක්‍රියාවන් වැළැක්වීමට ද පාරිභෝගික අධිකාරිය කටයුතු කරන බැවින් එවැනි වංචනික වෙළඳුන් සම්බන්ධව තොරතුරු ඇත්නම් වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දෙන ලෙස එම නිලධාරීන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!