28.7 C
Galle

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්

Published:

අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවේන වෙන්කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (06) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!