27.4 C
Galle

බැඳුම්කර නඩුවට, පර්පචුවල් ට්‍රෙෂරීස් ගිනුම් පරීක්ෂා කරන්න නියෝගයක් දෙයි

Published:

2015 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා‍ගෙන යන ගිනුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට පියවර ගන්න යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (07) නියෝග කළාය.

2015 පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කළේ යැයි පොලිසිය විසින් ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිනුම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය බවයි.

පොලිසි සඳහන් කළේ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් 09 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!