29.4 C
Galle

දේශබන්දුගේ දේපොළ තහනම් කළ හැකියි ?

Published:

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් අධිකරණය මඟ හරන්නේ නම් ඔහුගේ චංචල සහ නිශ්චල දේපොළ පවරා ගැනීමට හැකියාව පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයක් අනුව එසේ ක්‍රියාකළ හැකි බව අමාත්‍යවරයා අද (09) පැවසුවේ ය.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර අදට දින 11කි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් යොදවා දේශබන්දු තෙන්නකෝන් පදිංචි හෝකන්දර සහ ගිරිඋල්ල නිවෙස් පරීක්ෂා කළ ද මේ දක්වා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී නැත.

Related articles

spot_img
error: Content is protected !!