28.7 C
Galle

බිළිඳකු මහ මඟ දමා ගිහින්

Published:

අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දමාගොස් සිටි බිළිඳකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව ‍අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

දේවගොඩ, “මල් පල්ලිය” අසළ නිවසක් ඉදිරිපිට තාප්පය අයිනේ මෙලෙස දමා ගොස් ඇත්තේ මාස කිහිපයක් වයසැති බිළි‍ඳෙකි. අද (10) උදෑසන එම ස්ථානයේ සෙ‍ළවෙන යමක් දුටු කාන්තාවක විසින් එය පරීක්ෂා කිරීමේ දී බිළිඳකු සිටින බව දැක ප්‍රදේශවාසීන් ද දැනුම්වත් කර පොලිසියට දැනුම් දී තිබේ.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ බිළිඳා සාමන්‍ය තත්වයෙන් පසුවන බවයි. බිළිඳා අතහැර දමා ගිය මව සොයාගැනීමට අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප – අනුරාධ ප්‍රියදර්ශන

Related articles

spot_img
error: Content is protected !!