29.4 C
Galle

“වෙද ජන කතිකාව” ගාල්ල නගර ශාලාවේ දී

Published:

බෝනොවන රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ “වෙද ජන කතිකාව” නමින් වැඩසටහනක් මාර්තු 12 වැනි දා උදෑසන 10.00 සිට සවස 1.00 දක්වා ගාල්ල මහා නගර සභා ශාලාවේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යායතනයේ 09 වැනි සංවත්සරය වෙනුවෙන් සහ කායික වෛද්‍ය විද්‍යා දිනය සැමරීම අරමුණු කරගනිමින්, මෙය සංවිධානය කර ඇති අතර එහි දී බෝනොවන රෝග පිළිබඳ ජනතා පිළිසඳරක් සහ ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වේ.
නොමිළයේ පැවැත්වෙන මෙම වැඩසහන මගින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සහ උපදෙස් ලබාදීමටත් රෝග උත්සන්න වීම වළක්වාගැනීම සඳහා කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්වත් කිරීමටත් අපේක්ෂා කරන බව සංවිධායක මණ්ඩලය පවසයි

Related articles

spot_img
error: Content is protected !!