28.7 C
Galle

කාරයක් යෝධ ඇළට වැටී, දෙදෙනකු මරුට

Published:

නාඋල, ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රී වේගය පාලනය කරගත නොහැකි වූ කාරයක්, මාර්ගයෙන් ඉවතට පැන, මාර්ග සංඥා කණුවක ද ගැටී යෝධ ඇළට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එම රථයේ සිටි දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රථය පැදවූ රියදුරා සහ එහි සිටි කාන්තාවකි. එම රථයේ සිටි තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත. මියගිය රියදුරා කටුගස්තොට පදිංචිකරුවෙකි. මියගිය කාන්තාව සහ තුවාල ලැබූ කාන්තාව නාවලපිටියේ පදිංචි මවක සහ දියණියකි.

බකමූණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප – Accident 1st

Related articles

spot_img
error: Content is protected !!