29.4 C
Galle

ලොරි, ලොරි අනතුරකින් අඹු සැමි යුවළක් මරුට

Published:

නාඋල, බකමූණ මාර්ගයේ දී අද (11) අලුයම කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගිය තවත් ලොරි රථයක පිිටුපස ගැටී අඹු සැමි යුවළක් මියගොස් ඇතැයි පොලිසිය  පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වන 41 හැවිරිදි කාන්තාවකි. ඔවුන් හිඟුරක්ගොඩ, රෝහල් හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

කෝන්ගහවෙල ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසක් මෙම ලොරියේ ගමන් කර ඇති අතර ලොරියේ රියදුරා අනතුරින් පසු පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!