29.6 C
Galle

රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි

Published:

රෝයල් පාර්ක ඝාතන සිද්ධියේ මරණ දඬුවම් නියම වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම නීත්‍යානුකූළ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසු එම සමාව ලබාදුන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියම කරන ලද රුපියල් ලක්ෂ 10ක වන්දි මුදල ගෙවා ඇතැයි ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම කරුණ සම්බන්ධයේන පැහැදිළි කිරීම සඳහා අප්‍රේල් මස 29 වැනි දින පෙනී සිටින්න යැයි ලැබී තිබූ නොතීසියට අනුව මෙම ගෙවීම් සිදුකර ඇතැයි ද නීතිඥවරු දැනුම් දුන්හ.

මෙම ගෙවීම් විස්තර විධිමත් ලෙස ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපතිගේ නීති උපදේශකට දැනුම් දී තිබේ.

Related articles

error: Content is protected !!