29.4 C
Galle

හදුන්නෙත්තිගේ මෙගා වැඩේට, රොෂාන් මහානාම කණස්සල්ලෙන්

Published:

මාතර පොල්හේන ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසලක් සහ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ මෙගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැවත සළකා බැලිය යුතුයැය හිටපු ක්‍රීඩකයකු මෙන් ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික රොෂාන් මහානාම පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමිනි.

මාතර පොල්හේන ප්‍රදේශයේ එවැනි එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංව‍ේධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පසුගිය දා සාකච්ඡාවක් ද පැවැත්විණි. එහි දී තීරණය කර ඇත්තේ ඊට අදාල මූලික කටයුතු මාසයක් ඇතුළත නනිම කිරීමට ද සාකච්ඡා කර ඇත.

රොෂාන් මහානාම පවසන්නේ මෙවැනි මහා පරිමාන ව්‍යාපෘති පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායයන් සම්බන්ධයේ ප්‍රශ්න කළ යුතු බයයි. වර්තාමනායේ අවශ්‍ය වන්නේ නව ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා මුදල් වැය කිරීම නොව  පාසල් ළමුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට දැනට පවතින පයසුකම් වැඩි දියුණු කිරීමට ජාතික වැඩපිිළිවෙලක් ක්‍රියාත්මක කිරීම බව ද හෙතෙම පෙන්වා දෙයි.

Related articles

spot_img
error: Content is protected !!