29.4 C
Galle

බන්ධනාගාර රැඳවියකුගේ හදිසි මරණයක්

Published:

මැගසින් බන්ධනගාරයේ රිමාන්ඩ් කර සිටි සැකකරුවකු අමානුෂික පහරදීමකින් මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ රිමාන්ඩ් භාරයේ පසු වූ හේවාධීර දොන් ගැමුණුජිත් නමැති 54 හැවිරිදි එක්දරු පියෙකි. පසුගිය 23 වැනි දා මරහගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කළ ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ඇතැයි කියා පරීක්ෂා කිරීමේදී ඔහු ඒවා ගිල දැමූ බව කියමින් ඔහුට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකෙු විසින් තවත් රැඳවියන් දෙදෙනකු සමග එකව පහර දී ඇතැයි වාර්තා වී තිබේ.

එම අවස්ථාවේ දී ගි දැමූ අයිස් මත්ද්‍රව්‍ය වැමෑරීමට යැයි කියමින් ලුණු මිශ්‍ර ජලය බෝතල් දෙකක් ද පානය කිරීමට සළස්වා පහර දී ඇතැයි වාර්තා වේ.

අමානුෂික ලෙස පහරදීමට ලක් වූ මෙම රැඳවිය පසුව බන්ධනාගාර රෝහට ඇතුළත් කර තබූ බවත් අනතුරුව වැඩිදුර ප්‍රතකාර සඳහාකොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබූ බවත් පොලිසිය පවසයි. එහ ප්‍රතිකාර ලබමින් සිටිය දී 16 වැන දා සවස ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!