29.4 C
Galle

නෙළුව පාරේ අනතුරකින්, කතුන් දෙදෙනකුට දිවි අහිමි වෙයි

Published:

නෙළුව පැලවත්ත මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් සහ දළු එකතු කිරීමට යමින් සිටි ලොරියක් එකිනෙක ගැටී කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි කාන්තාවකි. ලොරි රථ්‍ය නෙළුව දෙස සිට පැලවත්ත දෙසට ගමන්කර ඇත. පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය හතේ කණුව ප්‍රදේශයේදී ලොරි රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලීසිය කියයි. තුවාල කරුවන් මීගහතැන්න රෝහලට රැගෙන ගොස් ඇති අතර එහි දී ඔවුන් දෙදෙනා මි‍යගොස් ඇතැයි පොලිසිය පවසයි.

තිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!