27.2 C
Galle

පෙට්‍රල් මිල අඩු කරයි

Published:

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 10.00 බැගින් අඩු කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ග්‍රයේ පෙට්‍රලයක මිල රුපියල් 299.00ක් වන අතර ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 361.00ක් වනු ඇත.

අනිකුත් ඉන්ධනවර්ගවල මිල සංශෝධනය කර නැත. එබැවින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286.00ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331.00ක් ලෙස පවතී. භූමිතෙල් ලීටරයක මිල පවතින්නේ රුපියල් 183.00ක් ලෙසිනි.

Related articles

spot_img
error: Content is protected !!