26.8 C
Galle

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට එයි

Published:

ඉන්දීය අගමැති නරේනද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේ ය. කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් ඉන්දීය අගමැතිවරයා පිළිගන්නා ලදී. එම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනකු ද එක්ව සිටියහ.

නරේන්ද්‍ර මෝදි ගුවන්තොටු පොළ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

මෙම සංචාරය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ අමාත්‍ය එස්. ජය ශංකර් ද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් සහභාගී සිටිති.

Related articles

spot_img
error: Content is protected !!