26.8 C
Galle

ගෑස් ගබඩාවක් පිපිරී හතර දෙනකු මරුට

Published:

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හළක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 04 දෙනකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ එහි කළමනාකරු ඇතුළු හතර දෙනෙකි.

ඊයේ (07) රාත්‍රි 11.00ට පමණ මෙම ගින්න හටගෙන ඇත. ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරියකට ගෑස් පුරවන අතරතුර ලීටර 6,000ක් අඩංගු එක් ගෑස් ගබඩාවක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇත. එම ස්ථානයේ තවත් එවැනිම ලීටර 6,000ක් අඩංගු ටැංකියක් තිබී ඇති අතර කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මහත් පරිශ්‍රමයක් දරා එය පුපුරායාම වළක්වාගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!