28.3 C
Galle

ඩිජිටල් හැඳුනුම්පත් ලක්ෂ 15කට කැබිනට් අනුමැතිය

Published:

ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පෙර මුද්‍රිත පොලි කාබනේට් කාඩ්පත් ලක්ෂ 150ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

2017 වර්ෂයේ දී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සුහුරු කාඩ්පත් භාවිතය හඳුන්වාදෙනු ලැබීය.

 ඒ අනුව ඉදිරියේ දී මෙම නව ඩිජිටල් හැඳුනුම්පත වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකිකය් සඳහා ලබාදීමට නියමිතය.

මෙම අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් නැවත ලියාපදිංචි කර නව හැඳුනුම්පත් නිකුත් කිරීමේ අපේක්ෂාවෙනි. ඒ අනුව හැඳුනුම්පත් ලක්ෂ 170ක් පමණ අවශ්‍යවන බව රජය පවසයි.

මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!