28.3 C
Galle

මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරියා අනතුරකින් මරුට

Published:

පොලිස් මාර්ග බාධකයක වෑන් රථයක් ගැටීමෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයේ දී ය.

මියගොස් ඇත්තේ රස්නායකපුර පොලිසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙකි.

බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකි ව මාර්ග බාධකයේ ගැටී ඇත. එම අවස්ථාවේ එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ ආසන්නයේ සිටි පුද්ලයකු තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එක් පොලිස් නිලධාරියකු මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ ඔහු අධික ලෙස බීමත්ව සිටිි බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!