27.6 C
Galle

පොලිසියේ දී මියගිය තරුණයාගේ සිරුර යළි ගොඩගැනීමට නියෝග

Published:

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය තරුණයාගේ මළ සිරුර යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (09) නියෝග කළේය.

අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කරන ලද්දේ අගතියට පත් තරුණයාගේ පාර්ශවය විසින් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවය.

මෙම මළ සිරුර ගොඩ ගෙන විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනකුගෙන් යුතු වෛද්‍ය කමිටුවක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වර්තාව ඉදිරිපත් කළ යුතු බව ද එම නියෝගයේ දැක්වේ.  

Related articles

spot_img
error: Content is protected !!