28.3 C
Galle

අධිවේගී මාර්ගයේ ගෙවීම් සඳහා, කාඩ්පත් එයි

Published:

අධිවේගී මාර්ගවලට ගෙවීම් කිරීමේ දී කාඩ්පත් මගින් ගනුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මේ සතියේ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කොට්ටාවේ දී සහ කඩවත දී මෙම ගෙවීම් සිදුකිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

ඒ අනුව අධිවේගී මාර්ගයේ ගෙවීම් සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම කිව්.ආර්.කේත යොදා ගැනීමට ද අපේක්ෂිතය.

මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!