28.9 C
Galle

අපේක්ෂකයන් 33ක් අත්අඩංගුවට

Published:

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් 33 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දෙයි.

පක්ෂ හා කණ්ඩායම්වල ආධාරකරුවන් 349 දෙනකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අප්‍රේල් 03 සිට අද (30) දක්වා කාලයේ දී ය.

මැතිවරණයට අදළව ඊයේ දිනයේ දී අපරාධමය පැමිණිලි 03ක් වාර්තා වී ඇති අතර මේ වනවිට වාර්තා වී ඇති අපරාධමය පැමිණිලි සංඛ්‍යාව 89කි.

මැතිවරණ නීති උල්ලංඝනය කරන ලද වාහන 32ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.

Related articles

spot_img
error: Content is protected !!