29.4 C
Galle

රට පුරා ජලාශ වාන් දමයි. වැව් ජලයෙන් සංතෘප්ත වෙයි

Published:

රට පුරා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් තම පාලනය යටතේ පවතින ප්‍රධාන ජලාශ 24ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 06ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 06ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 04ක්, බදුල්ල, කුරුණෑගල, මොණරාගල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ජලාශ 02 බැගින්ද මෙලෙස වාන් දැමීම ආරම්භ වී තිබේ.

මීට අමරතව මධ්‍යම පරිමාණයේ ජලාශ 16කට අධික ප්‍රමාණයක්ද වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එමෙන් ම රටපුරා පවතින ප්‍රධාන සහ මධ්‍ය පරිමාන වැව්වල ගබඩා කර ගත හැකි සමස්ථ ජල ධාරිතාවෙන් 91%ක ප්‍රමාණයක් දැනටමත් ගබඩා කරගැනීමට හැකි වී ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!