29.4 C
Galle

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවීමක්

Published:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් ස්ථානයට මාරුකර යැවීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වසර 23ක් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කර ඇති අතර වසර 15කට වැඩි කාලයක් හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කර ඇත්තේ ඔහු ය.

අද (01) සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථානමාරුවීම සිදුකර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය යටතේ බව ද සඳහන් වේ.  

Related articles

spot_img
error: Content is protected !!