26.8 C
Galle

හපුගල ඉංජිනේරු පීඨයේ, ගෘහස්ථ ක්‍රීඩාගාරය විනාශයි

Published:

රුහුණ විශ්වවිද්‍යාලයේ, ගාල්ල, හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සුළඟින් දැඩි අලාභහානි සිදුව තිබේ.

අද (30) උදෑසන 10.30ට පමණ වර්ෂාව සමඟ ඇති වූ සුළඟින් එම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැති බිත්ති දෙකක් සම්පූර්ණයෙන් ම බිමට සමතලා වී තිබිණි.

මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ විශ්වවවිද්‍යාල සිසුන්ගේ තරඟ සහ පාසල් තරඟාවලි පවා පැවැත්වෙන අතර පසුගිය සතියේ ද පාසල් බැට්මින්ටන් තරඟාවලියක් එහි පැවැත්විණි. කෙසේ වුව ද අද අනතුර සිදුවන අවස්ථාවේ දී කිසිවකු ගෘහස්ථ ක්‍රීඩාගාරයේ නොසිටි බව විශ්වවිද්‍යාල බලධාරීහු කියති.

Related articles

spot_img
error: Content is protected !!