29.4 C
Galle

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සජබට

Published:

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට අද හිමිවිය.

ඒ අනුව රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ හික්කඩුව ලියනගේ නිමල් මුණසිංහ මහතා රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.

Related articles

spot_img
error: Content is protected !!