27.9 C
Galle

පාසල් රැසක් මදුරු ආකර වෙලා

Published:

මදුරු මර්ධන සතියේ දී ගත වූ දින 05ක කාලය තුළ මදුරුවන් බෝවන ස්ථාන සහිත පාසල් 121ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

මෙම සෝදිසිය කර ඇත්තේ ඩෙංගු අවදානම පවතින දිස්ත්‍රික්ක 08ක අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පමණි. එහි දී පාසල් 229ක් පරීක්ෂා කර ඇති අතර මදුරුවන් බෝ විය හැකි ස්ථාන සහිත පාසල් 121 හමු වූ බවත් ඉන් පාසල් 29ක ම මදුරු කීටයන් සහිත ස්ථාන හඳුනාගත් බවත් විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ පවසයි.

ඇය පෙන්වා දෙන්නේ මෙය ඉතාත් අවදානම් තත්වයක් බවයි.

Related articles

error: Content is protected !!