30.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 37,635ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,765ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,788ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩර්ඩන්ස් රෝහල් සමාගම රුපියල් මිලියන 475
  • කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 467
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 321

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 119
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 38
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 15

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩර්ඩන්ස් රෝහල්  සමාගම 25 %
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%
  • ඔෆිස් ඉක්‍යුප්මන්ට්ස් සමාගම 24%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 376
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 332
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 299ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 123ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 176ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 164
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 22
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 20

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • මෙල්ස්ටා කොප් රුපියල් මිලියන 28
  • කාර්ගීල්ස් සිලෝන් සමාගම රුපියල් මිලියන 21
  • සියරා කේබල් සමාගම රුපියල් මිලියන 17

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!