29.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 46,174ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,195ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 99කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,689ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 737
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 305
  • කොලෝනියල් මෝටර්ස් සමාගම රුපියල් මිලියන 300

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 40
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 14
  • හැටන් වැවිළි සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකා රියලටි ඉන්වෙස්ට්මන්ට්  සමාගම 24 %
  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම 21%
  • කොලෝනියල් මෝටර්ස් සමාගම 16%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 369
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 331
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 68ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 111ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 43ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉව්ත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 25
  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 12
  • කොටගල වැවිලි සමාගම  රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සියරා කේබල් රුපියල් මිලියන 31
  • රේණුක හෝල්ඩින්ස් සමාගම  (X) රුපියල් මිලියන 30
  • විදුලංකා සමාගම රුපියල් මිලියන 12

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!