28.2 C
Galle

ත්‍රිමාවිතානගේ ගුණ සමරුව කොළඹ දී

Published:

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එරෙහිව හඬ නැඟීම හේතුවෙන් අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ වෛද්‍ය ශිෂ්‍ය පද්මසේන ත්‍රිමාවිතානගේ 37වැනි ගුණ සමරුව හෙට (30) සවස 2.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මුලසුන දරන මෙම වැඩසටහනේ දේශකයන් වන්නේ රත්නශ්‍රී  විජේසිංහ, නන්දන වීරරත්න, වෛද්‍ය අරුණ ජයසේකර, වෛද්‍ය ලින්ටන් ගුණවර්ධන, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය ගිෂන්ත දසනායක සහ වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නවෝද්‍ය මාරසිංහ දේශන පවත්වති.

Related articles

error: Content is protected !!