29.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 33,410ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,604ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 34කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,804ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 839
  • ලාෆ්ගෑස් සමාගම රුපියල් මිලියන 553
  • හේලීස් සමාගම රුපියල් මිලියන 266

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්වීඑල් එනර්ජි සමාගම කොටස් මිලියන 14
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 11
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්කන්ඩයිල් ඉන්වෙස්ට්මන්ට්  සමාගම 24 %
  • සීඑෆ්අයි සමාගම 12%
  • සෙන්කඩගල ෆිනෑන්ස් සමාගම 11%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 372
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 332
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 317

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 193ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,086ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 892ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 05
  • කොමර්ෂල් බැංකු (X) රුපියල් මිලියන 04
  • හේලීස් සමාගම  රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 816
  • කැල්ටෙක්ස් සමාගම රුපියල් මිලියන 21
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 18

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!