28.7 C
Galle

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් ජීවිතාන්තය දක්වා හිරගෙට

Published:

හෙරොයින් ග්‍රෑම් 09ක් සහ මිලිග්‍රෑම් 08 සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම්කිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටි හික්කඩුවේ පදිංචිකාරියක ජීවිතාන්තය දක්වා සිරගත කරන්න යැයි ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම අද (31) නියෝග කළාය.

මෙලෙස බන්ධනාගාරගත කරන ලද්දේ හික්කඩුව තිරාණගම පදිංචි හඳුන්නෙත්ති රුක්මණී නමැති 60 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

2014 මැයි මස 09 වැනි දින ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ මහාධිකරණ විනිසුරුවරිය සන්තකයේ තබා ගැනීමේ චේාදනාවට විත්තිකාරිය වරදකරු කරමින් එලෙස ජීවිතාන්තය දක්වා දඬුවම් නියම කළාය.

Related articles

spot_img
error: Content is protected !!