29.4 C
Galle

සුළං පෙත්තක් නිසා, වරාය පිවිසුමටත් හානි

Published:

මන්නාරමේ ඉදිකිරීමට යන සුළං විදුලි බලාගාරයකට ගෙන යන සුළං පෙත්තක් පටවාගත් ට්‍රක් රථයක් අද (02) සවස ත්‍රිකුණාමලය වරාය පිවිසුමේ දොරටුව ආසන්නයේ දී පෙරැළී තිබිණි.

මෙම අනතුර හේතුවෙන් වරාය භූමියේ පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද අලාභහානි සිදුව ඇත.

මීටර 76ක් දිගැති මෙම සුළං පෙත්ත ටොන් 36ක් බරැතිය. එය පටවාගත් ට්‍රක් රථය වරාය පිවිසුම අසළට පැමිණෙමින් සිටිය දී රථයේ සමබරතාව ගිලිහීයාම හේතුවෙන් මෙලෙස පෙරැළීමට ලක්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!