28.7 C
Galle

ආදායම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී

Published:

2024/25 වර්ෂයට අදාළව ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා නොවැම්බර් මස 30 වැනි දින හෝ ඊට පෙර භාරදීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම ආදායම් වාර්තා ඔන්ලයින් ක්‍රමයට ලබාදීමට හැකියාව පවතී.

කිසියම් පුද්ගලයකු නියමිත දිනට ආදායම් බදු වාර්තා බාර නෙදෙන්නේ නම් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකියි.

Related articles

spot_img
error: Content is protected !!