28.7 C
Galle

දෙවියන් ආශිර්වාදය ලැබීමට ගොස්, පස් දෙනකු දැදුරු ඔයට බිලි

Published:

කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරම් වැඳ පුදා ගැනීමට ගොස් ආපසු එමින් සිටි පිරිසක් අද (05) සවස දැදුරු ඔයේ දිය නාමින් සිටිය දී සැඩපහරකට හසුව ගසාගෙන ගොස් සිව් දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 13-14 අතර පසුවන අය බව ද දැනගන්නට ඇත.

පුත්තලම සහ හලාවත අතර මාර්ගයේ, දැදුරු ඔය පාලම අසළින් දිය නෑමට ගිය මේ පිරිස කලින් දිය නෑ ස්ථානය ගැඹුරු මදියැයි පවසමින් තවත් ඈතට ගොස් ඇත. එම අවස්ථාවේ දී සැඩ පහරට හසු වී පිරිසක් ගසාගෙන යද්දී ප්‍රදේශවාසීන් එක්ව සිව්දෙනකු බේරාගෙන ඇත. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් සොයද්දී සිව් දෙනකුගේ මළ සිරුරු හමු වී ඇති අතර තවත් අයකුගේ සිරුර මෙතෙක් හමුවී නැත.

Related articles

spot_img
error: Content is protected !!