27.6 C
Galle

කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි

Published:

කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 53,183ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8,224ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,582ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩීඑෆ්සීසී සමාගම රුපියල් මිලියන 561
  • රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 429
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන‍ෙ 356

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 38
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • රිලි ප්‍රොපටි සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන්ට් ජෙමිස්  සමාගම 24 %
  • රිචඩ් පීරිස් සමාගම 22%
  • ඒසියා ඇසෙට් සමාගම (P) 15%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 395
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 352
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 150ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 124ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 26ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩිස්ටෙලරීස් සමාගම රුපියල් මිලියන 31
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 27
  • ලංකා දුම්කොළ සමාගම  රුපියල් මිලියන 15

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 28
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 20
  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 14

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!