අනුරාධපුර පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත මගීන් 70ක් සහිත බස් රථයයක් නතර වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද (28) පාර්ලිමේන්තුවේ දී කීවේය.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද ඒ බව සනාථ කරමින් කියා සිටියේ නොයන ලෙස දැනුම් දී තිබිය දී මෙම බස් රථය ධාවනය කර ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් බේරාගැනීම සඳහා හමුදා භට කණ්ඩායම් යොදවා ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා කීවේය.
බස් රථයේ සිටිින කැළුම් නමැත් පුද්ගලයකු පවසන්නේ බේරාගැනීමට නාවික හමුදා බෝට්ටුවක් පැමිණිය ද එයින් රැගෙන ගියේ 06 දෙනකු පමණක් බවයි. බෝට්ටුවලින් ඔවුන් බේරාගැනීමට නොහැකි බවත් සැඩ පහර නිසා එය ඉතා දුෂ්කර වී ඇති බවත් බසයේ සිර වී සිටින කැළුම් පවසයි.
තවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට බසය ඇතුළත සිටින පුද්ගලයන්ගේ ඉන දක්වාම වතුර පිරී ඇති බවයි.
අජිිත් පී.පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් කියා සිටියේ එම බස් රථයේ සිටින පුද්ගලයන් බේරාගැනීමට හෙලිකොප්ටරයක් යැවීමට මෙතෙක් අනුමැතිය ලැබී නැති බවයි.


