26.9 C
Galle

පාලම මත සිටි ජනතාව බේරා, සමුගත් ගුවන් නියමුවා

Published:

පීඩාවට පත් වූ ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින අතරතුර ලුණුවිල ප්‍රදේශයේ දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සිටි නියමුවා මියගියේ ය.

අද (30) සවස කාර්මික දෝෂයකට ලක් වූ හෙලිකොප්ටර් යානය ලුණුවිල ගිං ඔය පාලම මතට බැස්සවීමවට උත්සාහ ගැනීමේ දී අවට සිටි පුද්ගලයන් එම ස්ථානයට එක්රොක්වීම හේතුවෙන් හෙලිකොප්ටරය එතැනට බැස්සවීමට නොහැකිව අසළ ගිං ඔයට කඩා වැටිණි.

එම අවස්ථාවේ දී එහි ගමන් කරමින් සිටි ගුවන් හමුදා නියමුවා ඇතුළු පස් දෙනාම මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී නියමුවා මියගියේ ය.

මෙලෙස මියගොස් ඇත්තේ වින්ග් කමාන්ඩර්වරයකු වූ 41 හැවිරිදි වියේ පසු වූ ගුවන් නියමුවෙකි.

Related articles

spot_img
error: Content is protected !!