28.4 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (03) දිනයේ ගනුදෙනු 37,922ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,779ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 414කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,826ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 362
  • ඇක්සස් ඉන්ජිනියරින් සමාගම රුපියල් මිලියන 303
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන‍ෙ 255

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 27
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 19
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 16

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නමුණුකුල වැවිලි  සමාගම 16 %
  • ටෙස්ට් ඇග්‍රෝ සමාගම 14%
  • සිලෝන් බෙවරේජස් සමාගම 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 380
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 322
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 89ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 384ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 295ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 34
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 17
  • එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 14

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 212
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 90
  •  සියරා කේබල් සමාගම රුපියල් මිලියන 25

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!