29.8 C
Galle

කාන්තාවන්ගේ පිටෝන් කාමරයේ කැමරා සවිකළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

Published:

ඇඳුම් මිල දී ගැනීමට පැමිණෙන කාන්තාවන් එම ඇඳුම් හැඳ බලන පිටෝන් කාමරයේ සූක්ෂම ලෙස කැමරා සවිකර කාන්තාවන්ගේ අඩ නිරුවත් දර්ශන පටිගත කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අළෙවිසැළක හිමිකරුවකු වන කොට්ටාවේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

ඔහුගේ ජංගම දුරකථනයේ එලෙස පටිගත කරන ලද දර්ශන 200කට වැඩි ප්‍රමාණයක් තිබූ බවත් ඒවා අන්තර්ජාලයට මුදාහැර තිබේද යන්නත් විමර්ශනය කරන බව පොලිසිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!