28.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (11) දිනයේ ගනුදෙනු 35,006ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,554ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 36ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,459ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  රුපියල් මිලියන 666
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 661
  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම රුපියල් මිලියන‍ෙ 485

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  කොටස් මිලියන 31
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 19
  • එල්සීබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම (X) 33 %
  • ඔටෝ ඩ්‍රෝම් සමාගම 18%
  • ඔෆිස් ඉක්‍යුප්මන්ට් සමාගම 10%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 371
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 328
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 317

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 59ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 210ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 151ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 16
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 79
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 19
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 17

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!