29.7 C
Galle

පුත්තලම මහ නගර සභාවේ අය වැය පරාදයි

Published:

ජාතික ජන බලවේගයට බලය හිමිව ඇති පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය අද (11) වැඩි ඡන්ද 05කින් පරාජයට පත්විය.

නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් විසින් අයවැය වාර්තාව ප්‍රථමවරට සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේ දී එයට පක්ෂව ඡන්ද 07ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 12ක් ලැබිණි. එක් සභිකයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

අයවැය පරාජය වීමෙන් පසු සභාව හෙට (12) දිනය දක්වා කල් තැබිණි. මෙලෙස සභාව කල් තැබීම නගරසභා අඥා පනතට විරුද්ධ කටයුත්තක් බව සදහන් කරමින් සහ එය නිතී විරෝධි බව සදහන් කරමින් නගර සභා මන්ත්‍රීවරු 12 දෙනකුගෙන් අත්සන් සහිත ලිපියක් මහ නගරසභා ලේකම් තුමිය හරහා නගරාධිපතිවරයාට භාර දීමට ද කටයුතු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!