27 C
Galle

විහාරස්ථානය ඉදිරිපිට දී දැරියට නිරුවත පෙන්වූ පුද්ගලයා සොයයි

Published:

(වීඩියෝව පහතින්)

බෞද්ධ විහාරස්ථානයක් ඉදිරිපිට දී දැරියකට තම නිරුවත පෙන්වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි ළමා හා කාන්තා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

යතුරුපැදියකින් පැමිණෙන මෙම පුද්ගලයා කරනු ලබන කාර්යය අසළ තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබේ. ඔහු මාර්ගය අයිනේ සිට විහාරස්ථාන දෙසට වැඳ නමස්කාර කර දැරිය මාර්ගය දිගේ තමන් අසළට පැමිණෙන විට නිරුවත පෙන්වන බවත් විහාර භූමියේ ඇතුළතට සිටි අයකු බැන වදිද්දී යතුරුපැදියට නැගී පළායන බවත් පෙනෙන්නට තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරියට හා පොලිසියට දැනුම් දී ඇති බවයි. ඔහු පිළිබඳ තොරතුරු දන්නේ නම් විස්තර ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!