30.5 C
Galle

විදේශ ආයෝජකයෝ කොටස් මිල දී ගැනීම් වැඩිකරයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (18) දිනයේ ගනුදෙනු 20,085ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,344ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 37ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,292 ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 326
  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 204
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන‍ෙ 160

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ඇග්‍රි සමාගම  කොටස් මිලියන 08
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 04
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්  සමාගම 25 %
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X)  10%
  • ඊස්ට් වෙස්ට් සමාගම 06%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 374
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 322
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 322

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 126ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 63ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 63ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 59
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 47
  • කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කාගීල්ස් සිලෝන් සමාගම  රුපියල් මිලියන 56

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!