30.5 C
Galle

දසුන් ශානක යළි නිත්‍ය නායකයා වෙයි

Published:

ශ්‍රී ලංකාවේ දී සහ ඉන්දියාවේ දී ලබන වසරේ දී පැවැත්වෙන විස්සයි – 20 ලෝක කුසලාන තරඟාවලිය අවසානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස දසුන් ශානක පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (19) නිවේදනය කළේය.

අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේය.

ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය සමඟ විස්සයි – 20 තරග 03කට ටසහ එංගලන්තය සමඟ එක්දින සහ විස්සයි – 20 තරඟාවලියකට සහභාගීවීමට නියමිතය. එම තරඟවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දසුන් ශානකයි.

Related articles

spot_img
error: Content is protected !!