29.4 C
Galle

ඇමති විද්‍යාරත්න, උමා ඇළට පිරිත් පැන් එකතු කරයි

Published:

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි සිදු වූ උමා ඇළ වාරි ව්‍යාපාරයේ වාරි ඇළ සහ බෝඹුරු ඇල්ල පේරවැල්ල අමුණ පිළිසකර කිරීමෙන් පසු, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිරිත් පැන් මුට්ටියක් එහි ජලයට එක්කිරීම පසුගිය දා සිදුකර ඇත.

ගංවතුර තත්වය හේතුවෙන් පේරවැල්ල අමුණ ගස් හා ගල්වලින් අවහිර වී තිබූ අතර උමා ඇළ වාරි ඇළ ද ස්ථාන කිහිපයකින් කැඩී ගොස් තිබිණි. මෙම අමුණ දින 12ක කාලයක දී පිළිසකර කිරීමෙන් පසු මහ කන්නය වෙනුවෙන් පළමු දියවර නිකුත් කිරීමේ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙලෙස එම ස්ථානයේ උත්සවයක් පවත්වා මහා සංඝරත්නය ද වැඩමවා පිරිත් දේශනයක් පවත්වා පිරිත් පැන් මුට්ටියක් ජලයට මුසුකරන ලදී.

කොරෝනා වසංගතය පැවැති කාලයේ දී එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටුයුත කළ පවිත්‍රාදේවී වන්නිආරච්චි ගංඟාවලට පිරිත් පැන් මුට්ටි දැමීම එවකට විපක්ෂයේ සිටි වත්මන් පාලක පක්ෂයේ දැඩි විවේචනයට ලක්වූ සිද්ධියක් විය. එදා පිරිත් මුට්ටි ගංඟා දියේ පා කිරීම උත්සව නොපවත්වාම අමාත්‍යවරිය විසින් තමන්ගේ හිතවතුන් කිහිප දෙනකු සහභාගී කරවාගෙන සිදුකළ අතර මෙවර එය උත්සවශ්‍රීයෙන් සිදුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!