29.4 C
Galle

විපක්ෂ නායකගේ ලිපි ශීර්ෂ සහ අත්සන හොරට භාවිතා කරලා

Published:

පසුගිය දින කිහිපය තුල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයට සමාන ලිපි ශිර්ෂයක් සහ සජිත් ප්‍රේමදාසගේ යැයි හැගවෙන අත්සනක් යොදාගනිමින් විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය නිවේදන ලෙස ප්‍රකාශන දෙකක් විවිද සමාජමාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණය වී ඇතැයි විපක්ෂ නායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයෙන් හෝ අංක 30 සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයෙන් හෝ එම කාර්යාලවල සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකු විසින් ඉහත නිවේදන නිකුත් කර නොමැති බව එම නිවේදනයේ දක්වා ඇත.

සංවිධානාත්මක ලෙස හෝ එසේ නොවන ආකාරයෙන් රජයේ ආයතනයක නිල ලිපි ශිර්ෂ හෝ විපක්ෂ නායකවරයාගේ අත්සන හෝ නිසි අවසරයකින් තොරව යොදාගනිමින් සිදුවන මෙම ප්‍රකාශන සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන මෙන් ඉල්ලා අද (23) විපක්ෂ නායක කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!